ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ජාතික රෝහලේ PCR පරීක්ෂණ කරන්නේ නෑ – රෝගීන් මිය යන්නේ ඒ නිසයි

කොවිඩ් -19 වයිරසයේ දෙවැනි රැල්ලෙන් මේ දක්වා සිදුවූ මරණ දහයෙන් හයක්ම කොළඹ ජාතික රෝහලින් වාර්තා වීමට එකම හේතුව එම රෝහලේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුනොකිරීම බව රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසනවා.

සභාපතිවරයා පෙන්වා දෙන්නේ ජාතික රෝහලට ඇතුළත් කරන රෝගියකුගේ පී.සී.ආර්. පරීක්ෂණ වෛද්‍ය පර්‌යේෂණායතනය මගින් සිදුකරන අතර එහි වාර්තාවන් ප්‍රමාද වී ලැබීම නිසා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී ප්‍රමාදයක් සිදුවන බවයි.

එම නිසා විවිධ සංකූලතා හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන රෝගීන්ගේ ජීවිත රැක ගැනීම බරපතළ ගැටලුවක් වී ඇතැයිද හෙතම සඳහන් කළා.

ද්විතීයික මට්ටමේ සංකූලතා සහිත රෝගීන් සඳහා ප්‍රතිකාර කරන රෝහල්වල පී.සී.ආර්. පරීක්ෂණ කිරීමේ හැකියාවක් තිබීම අත්‍යාවශ්‍ය බවද සභාපතිවරයා අවධාරණය කරනවා.

යම් හෙයකින් කොළඹ ජාතික රෝහලේ පී.සී.ආර්. පරීක්ෂණ කිරීමේ හැකියාව තිබුණා නම් මරණයට පත්වූ පුද්ගලයන් හයදෙනාගේ ජීවිත බේරා ගැනීමට හැකියාව තිබූ බවද රවී කුමුදේශ් සඳහන් කර සිටියා.

එම නිසා මේ මොහොතේදීවත් රෝහලේ පී.සී.ආර්. පරීක්ෂණයන් ආරම්භ කළ හැකි ක්‍රමවේදයන් ක්‍රියාවට නැංවීමට කටයුතු කළ යුතු බවද හෙතම වැඩිදුරටත් සඳහන් කරනවා.