ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ආණ්ඩුව ඇඳිරි නීතිය දාගෙන ජනතාවට හොරෙන් නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට වික්කා

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය 100%ක් වරාය අධිකාරිය සතුව පවත්වා ගන්නා බවට මැතිවරණයට පෙර පොරොන්දු දුන් ආණ්ඩුව ඇඳිරි නීතිය පනවාගෙන හොර රහසේම එහි සම්පූර්ණ කළමනාකාරීත්වය සහ 49%ක කොටස් ඉන්දීය සමාගමකට විකුණා දමා ඇති බව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. 

“ආණ්ඩුව කොච්චර ජනතාව මුලා කරන්න උත්සාහ කළාද කියනවා නම්, ( මං මේ දිගින් දිගටම කියන්නෙ මේකනෙ. ඒක ගොඩක් කට්ටියට තේරෙන්නෙ නෑ සමහර වෙලාවට මොකද මේක යම්කිසි සංකීර්ණත්වයක් තියෙන නිසා. හැබැයි සංකීර්ණ නැති දෙයක් ගමු ) ඡන්දෙට කලින් මහා විශාල විදියට උද්ඝෝෂණය කළා කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන්. 

ඒකට මාරාන්තික උපවාස පටන් ගත්තා, දොඹකර උඩ නැග්ගා. ඊට පස්සෙ හම්බන්තොට මහින්ද රාජපක්ෂ මහත්තයාගෙ ගෙදරට ඒ කට්ටියට එන්න කියලා පොරොන්දුවක් දුන්නා කිසිම විදියකට මේක ඉන්දියාවට දෙන්නෙ නෑ කියලා. 

අද ජාත්‍යන්තර පුවත්වල මොකද්ද ප්‍රධාන ප්‍රවෘත්ති වෙලින් එකක් ? අද්වානි පෝට් ඇන්ඩ් ස්පෙශල් ඉකොනොමික් සෝන් කියන ආයතනයට අද්වානි වරාය සහ විශේෂ ආර්ථික කලාපයට නැගෙනහිර වරාය පර්යන්තයෙන් 49%ක කොටසක් විකුණන්න එකඟ වෙලා තියෙනවා කියලා. ඊට අමතරව ජාත්‍යන්තර ප්‍රවෘත්ති මාධ්‍ය අද සඳහන් කරන ආකාරයට නැගෙනහිර පර්යන්තයේ 100%ක කළමනාකරණයත් අදානි පෝට් එස්. ඊ. සී. කියන ආයතනයට දෙන්න මොවුන් එකඟ වෙලා තියෙනවා. 

එහෙම නම් මේ මොකද්ද ආණ්ඩුව කරන්නෙ ? ආණ්ඩුවට හැකියාවක් නෑ මේ සමස්තයක් හැටියට ආර්ථිකයේ තියෙන ප්‍රශ්න පිළිබඳව ජනතාවට ඇත්ත කතා කරන්න. ආණ්ඩුවට හැකියාවක් නෑ වරාය වේවා වෙන මොකක් හරි වේවා ජනතාවට දුන්නු පොරොන්දු පිළිබඳව ජනතාව එක්ක සංවාදයකට කතිකාවකට එන්න සූදානම් නෑ. ඇඳිරි නීතිය දාලා, ඒ ඇඳිරි නීතිය ඇතුළෙ මිනිස්සුන්ට නොකියා මිනිස්සුන්ට හොරෙන් ( මේ මහ ලොකුවට කිව්වා මේ වාගෙ රාජ්‍ය සම්පතක් විකුණන්නෙ නෑ, කරන්නෙ නෑ මෙව්වා, අපි බදු දෙන්නෙ නෑ, මෙව්වා 100%ක් වරාය අධිකාරියට යටතේ තියන් ඉන්නවා කියලා ) මේ කරන්නෙ සම්පූර්ණයෙන්ම ජනතාව මුලා කිරීමක් නෙවෙයිද කියලා අපි අහන්න කැමතියි” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.