ඊයේ දිනය තුළ කොරෝනා ආසාදිතයින් 409ක් – සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 11744 දක්වා ඉහළට
ඊයේ (03) දිනය තුළ හඳුනාගත් නව කොවිඩ් 19 ආසාදිත රෝගීන් සංඛ්‍යාව 409 දක්වා ඉහළ ගියේය. ඒ, ඊයේ රාත්‍රියේ හමුවූ ආසාදිතයින් 137 දෙනාත් සමඟය. ඔවුන් අතරින් 5 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන තුළින් හමුවී තිබුණු අතර සෙසු 132 දෙනා පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වශයෙන් පිටතින් හමුවී ඇත.
මේ අනුව මෙරට මෙතෙක් හමුවූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 11744 දක්වා ඉහළ ගිය අතර මිනුවන්ගොඩ – පෑලියගොඩ පොකුර 8266ක් දවා ඉහළ ගිය බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.
ඊයේ දිනය තුළ වාර්තා වූ මරණ දෙකත් සමඟ මෙරටින් මෙතෙක් වාර්තා වූ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 23කි.