ඇමැති චමල් රාජපක්ෂ රාජසන්තක කළ වාහන ඉල්ලයි
රාජසන්තක කර රේගුව භාරයේ ඇති වාහන පොලිසියට ලබාදෙන්නැයි අභ්‍යන්තර ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය රජයෙන් ඉල්ලීමක් කර ඇත.
ඇමති චමල් රාජපක්ෂ මහතා එම ඉල්ලීම කරමින් අමාත්‍ය මණ්ඩලයට කැබිනට් සංදේශයක් ද ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.
රේගුව විසින් රාජසන්තක කරන ලදුව මට්ටක්කුලිය වාහන අංගනයේ ඇති වාහන 229 ක් පොලිසියට ලබාදෙන ලෙස මෙලෙස ඉල්ලා ඇත.