ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

බූවැලිකඩ අනතුරෙන් මියගිය යුවලගේ සහ බිලිඳියගේ අවසන් කටයුතු අද

පස්මහල් ගොඩනැගිල්ලලක් කඩා වැටීමෙන් සිදු වූ අවාසනාවන්ත සිදු වීමෙන් ජීවිතක්ෂයට පත් වූයේ චමිල ප්‍රසාද් 35 හැවිරිදි හෝටල් හිමිකරුවකු වන අතර ඔහුගේ බිරිඳ වූ අචලා ඒකනායක 32 හැවිදිරි විශ්විද්‍යාල කථිකාචාර්යවරියක් මෙන්ම නීතීඥවරයක් ද වේ. සිද්ධියෙන් ජීවිතක්ෂයට පත් වූ ඔවුන්ගේ සිගිති දියණිය ඔනෙලා ඒකනායක වයස මාස එකහමාරක බිලිඳියකි.

ඔවුන්ගේ දේහයන් පිලිබඳ අවසන් කටයුතු අද(23) පස්වරුවේ මහනුවර මහයියාව පොදු සුසාන භූමියෙදී සිදු කිරීමට නියමිතය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පල කළ අභාවප්‍රාප්ත අචලා ඒකනායකගේ පියා වන සිසිර බණ්ඩාර මහතා සදහන් කළේ මෙම මරණ සදහා වගකිව යුතු පුද්ගලයින් සම්බන්ධයෙන් විධිමත් නීතිමය පියවර ගත යුතු බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් අංශ කිහිපයක් යටතේ මේ වන විට පරික්ෂණ පැවැත්වේ.