කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ ගින්නක්
කොළඹ බස්නාහිර පළාත් බද ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ උඩුමහලෙහි ගින්නක් හට ගෙන තිබෙනවා.
අධිකරණ වාර්තාකරු සඳහන් කළේ අද උදෑසන වායුසමීකරණ යන්ත්‍රයක හට ගත් මෙම ගින්න මේ වනවිට ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරින් පැමිණ මැඩපවත්වා ඇති බවයි.
ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති බව ද අප වාර්තාකරු සඳහන් කළා.