20 සම්මතකරගැනීමට ආන්ඩුවට තුනෙන් දෙක නෑ – බැසිල් විපක්ෂයේ මන්ත්‍රීවරු බිලිබාගැනීමට සැරසෙයි.
ආණ්ඩුවට 20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීම සඳහා අවශ්‍ය වන තුනෙන් දෙකක බලය නොමැතිවීම පිළිබඳ කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡා කර ඇතැයි වාර්තා වේ. මේ වනවිට පාර්ලිමේන්තුව නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මැතිවරණයට ඉදිරිපත්ව තේරී පත් වූ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 145කි. කථානායකවරයාට ඡන්දය ප්‍රකාශ කළ නොහැකි නිසා ඔහුගේ ඡන්දය ආණ්ඩු පක්ෂයට අහිමි වේ.
ඊට අමතරව ආණ්ඩුවට සහයෝගය පළකරන පක්ෂ කිහිපයකින් තේරී පත් වූ මන්ත්‍රීධුර සංඛ්‍යාව පහකි. ඩග්ලස් දේවානන්දා මහතාගේ පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සහ වෙනම තරග කර තේරී පත් වූ සිවනේසදුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්, ඒ.එල්.ඒ. අතාවුල්ලා, සහ ශ්‍රීලනිපයෙන් තේරී පත් වූ අංගජන් රාමනාදන් එම මන්ත්‍රීවරුය.
ඒ අනුව දැනට ආණ්ඩුව පාර්ශ්වයේ සිටින්නේ මන්ත්‍රීවරුන් 149ක් පමණි.
ආණ්ඩුවට තුනෙන් දෙකේ බලයක් නොමැති වීම නිසා විසිවැනි සංශෝධනය සම්මත කරන්නට ඉඩ නොදී පරාජය කිරීමට අවස්ථාවක් ඇති බව විපක්ෂයේ පක්ෂ නායකයන් අතර සාකච්ඡා කළ බව වාර්තාවේ.
කෙසේවෙතත්, බැසිල් රාජපක්ෂ විසින් ඇමතිධුර හා වෙනත් වරප්‍රසාද හා වරදාන ලබාදී සමගි ජන බලවේගයෙන් හා සුළු පක්ෂවලින් තේරී පත් වූ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එකතු කරගැනීමට උත්සාහ කිරීමේ ඉඩක් පවතින බවත් මේ අතර වාර්තාවේ.