ColomboXnews

News | Gossip | Political | Entertainment

SliderSports

දිල්රුවන් පෙරේරාට එරෙහිව විනය පරීක්ෂණයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දිල්රුවන් පෙරේරාට එරෙහිව විනය පරීක්ෂණයක් කැඳවන්නට ඔහු නියෝජනය කරන කොළඹ කොල්ට්ස් ක්‍රීඩා සමාජය තීරණය කර තිබෙනවා.

අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලිය අතරතුර දිල්රුවන්ගේ විනය විරෝධී හැසිරීම මිට හේතු වී ඇති අතර, විනය පරීක්ෂණය කැඳවන තුරු තාවකාලිකව කොල්ට්ස් ක්‍රීඩා සමාජයේ සාමාජිකත්වයෙන් ඔහුව ඉවත් කරන්නත් පියවර ගෙන තිබෙනවා.

කොල්ට්ස් ක්‍රීඩා සමාජය ලබන 11 වැනිදා එම විනය පරීක්ෂණය කැඳවීමට නියමිතයි.