ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

12 හැවිරිදි පාසල් දැරියකට ලිංගික අතවර කළ යුධ හමුදා සෙබළා රිමාන්ඩ්

දඬු ලේනෙකු පෙන්වීමට යැයි රවටා සිය නිවසට රැගෙන ගොස් 12 හැවිරිදි පාසල් දැරියකට බරපතළ ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් යුධ හමුදා සාමාජිකයකු සැප්තැම්බර් 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට බලපිටිය වැඩබලන මහේස්ත්‍රාත්වරයා ඊයේ (05) නියෝග කළේය. 

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ පැරෑලිය, තෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි මුලතිව් යුධ හමුදා කඳවුරේ සේවය කරන සෙබළෙකි. 

පාසල් සිසුවිය නිවස අසල වෙළඳසැලකින් A4 කඩදාසි මිලට ගෙන ආපසු යන අවස්ථාවේදී සැකකාර සෙබළා දඬු ලේනෙකු පෙන්වීම සඳහා යැයි පවසමින් ඇයව රවටාගෙන සිය නිවසට කැඳවාගෙන ගොස් අතවර කර ඇති අතර දැරියගේ දෙමව්පියන් විසින් පොලිසියට කළ පැමිණිල්ලක් අනුව ඔහුව අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්.