ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ගිනිගෙන දැවෙන නෞකාවෙන් තෙල් කාන්දු වීමේ කිසිදු අවදානමක් නෑ

නැගෙනහිර මුහුදු වෙරළ කලාපයේදී හදිසි ගින්නක් හටගත් ඉන්ධන රැගත් MV New Diamond නෞකාව මේ වන විට ගොඩබිමට මුහුදු සැතපුම් 22ක් ආසන්නයට පැමිණ ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර සිටියි.

මෙම නෞකාව ක්‍රමක් ක්‍රමයෙන් මුහුදේ ඇති දියවැල් හේතුවෙන් දකුණු මුහුදු කලාපය දෙසට ඇදෙමින් පවතින පවතින බවත් මෙම නෞකාවෙන් මේ වන විට කිසිදු ඉන්ධන කාන්දුවීමක් සිදුවී නොමැති බවද යුද්ධ හමුදාපතිවරයා සඳහන් කළේය.

මේ අතර මෙම නෞකාවේ ඇතිවී තිබෙන ගින්න මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ MI-17 වර්ගයේ හෙලිකොප්ටර් යානා මගින් නෞකාවට ජලය ලීටර් ලක්ෂයක් හෙලා ඇති බවත් ගුවන් මෙහෙයුම් දිගින් දිගටම සිදුකරමින් පවතින බව සඳහන් කර සිටියහ.