ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ‘කොටසකට’ නිදහස් පක්ෂය විරුද්ධයි

ගැසට් නිවේදනයක් මඟින් ප්‍රසිද්ධියට පත් කර ඇති විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් ද්විත්ව පුරවැසියන්ට පනවා තිබූ බාධා ඉවත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විරෝධය පළ කරනවා.

එහි හිටපු මහ ලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කරන්නේ ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු පිවිසීමේ අවස්ථාව ලෝකයේ බොහෝ රටවල අහිමි කර ඇති බවයි.

එනිසා මෙම සංශෝධනය මගින් ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව පිවිසීමට ඉඩ ලැබීමට එකඟ විය නොහැකි බව ද ඔහු සඳහන් කරනවා.

මේ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරීමට මීළඟ මධ්‍යම කාරක සභාවේදි කටයුතු කරන බවද ඔහු පැවසුවා.