රතන හිමිට ආණ්ඩුවේ ප්‍රභූ ආරක්ෂාව – මන්ත්‍රී ධූරය පොහොට්ටුවට ගන්න බැසිල්ගේ ගේමක්
අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය නම් කිරීම සම්බන්ධයෙන් එම පක්ෂයේ ලේකම්වරයා වන වේදනීගම විමලතිස්ස හිමියන්ව පොදුජන පෙරමුණේ දේශපාලන හස්තයක් විසින් මෙහෙයවමින් සිටින බවට ඉතා විශ්වාසනවන්ත ආරංචි මාර්ග හරහා තොරතුරු හෙළිදරව් වේ.
දැනගන්නට ලැබෙන ආකාරයට මේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට පත් කරන පුද්ගලයාගේ සහයෝගයද පොදුජන පෙරමුණට හිමි වීමට නියමිතය.
දේශපාලන උපක්රමවලට මෙන්ම මැතිවරණ දේශපාලනය සම්බන්ධයෙන් දක්ෂයෙකු ලෙස නම් දරාගෙන සිටින පොදුජන පෙරමුණේ බැසිල් රාජපක්ෂ මහතා විසින් අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය පත් කිරීම සම්බන්ධයෙන් මේ වනවිටත් තීරණයක් ගෙන තිබෙන බවට වාර්තා වේ.
ඒ අනුව පාර්ලිමේන්තුව නියෝජන කළ හිටපු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් එම මන්ත්‍රී ධූරය ලැබෙන බව එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.
අතුරලියේ රතන හිමියන් තවදුරටත් ක්‍රියාත්මක වෙමින් සිටින්නේ ප්‍රභූ ආරක්ෂක සේවයේ පොලිස් නිලධාරීන් තිදෙනකුගේ සන්නද්ධ ආරක්ෂාව යටතේ බවත් උන්වහන්සේට ප්රතිපාර්ශවයන් කියා සිටිනවා.
වේදිනිගම වමලතිස්ස හිමියන්ගෙන් මාධ්‍ය ප්‍රකාශක හිමියන්ද සඳහන් කළේ ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු උන්වහන්සේගේ ආරක්ෂාවට යොදවා ඇති බවයි.
විමලතිස්ස හිමියන් තවදුරටත් පසුවන්නේ රතන හිමියන්ගේ අත්අඩංගුවේදී බවත් රතන හිමියන් සහ කාර්ය මණ්ඩලය විසින් වේදිනිගම හිමියන් සිරකරගෙන සිටින බවත් උන් වහන්සේ පැවසුවා.
මේ අතර සිංහල සංවිධානයේ ජාතික සංවිධායකවරයාද කියා සිටින්නේ රතන හිමියන් තවදුරටත් පසුවන්නීය ප්‍රභූ ආරක්ෂක නිලධාරීන්ගේ ආරක්ෂාව මැද බවයි.
ඥාණසාර හිමියන් පාර්ලිමේන්තු යාම වැලකීම සදහා වූ කුමන්ත්‍රණයක් රතන හිමියන් හරහා ක්‍රියාත්මක වන බවද ඔහු පැවසුවා.