ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

කෝපා සහ කෝප් කමිටු සභාපති පුටු විපක්ෂයට දෙන්නේ නෑ

රජයේ ගිණුම්කාරක සභාවට හා පොදුව්‍යාපාර කාරක සභාවේ සභාපති ධුරයට ආණ්ඩුව පක්ෂයේ මන්ත්‍රීවරුන් පත් කරන ලෙසට ආණ්ඩු පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩුවෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.

දැනට රාජ්‍ය ගිණුම්කාරක සභාවේ හා පොදු ව්‍යාපාර කාරක සභාවේ විමර්ශනයට නියමිතව ඇත්තේ පසුගිය යහපාලන ආණ්ඩුව පාලන කාලයේ රාජ්‍ය ආයතනවල විමර්ශන බැවින් එකල ආණ්ඩුව නියෝජනය කර දැනට විපක්ෂයේ සිටින මන්ත්‍රීවරුන් එහි ප්‍රධානීන් ලෙස පත් කිරීමෙන් විනිවිද භාවය සම්බන්ධයෙන් ගැටලු ඇති විය හැකි බව ඔවුන් පෙන්වා දී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රබලයකු පැවසුවේ රාජ්‍ය ගිණුම්කාරක සභාවේ හා පොදු ව්‍යාපාර කාරක සභාවේ සභාපති ධුර සඳහා ආණ්ඩුවේ ඇමැතිවරු දෙදෙනකු පත් කිරීමට නියමිත බවයි.

එම තනතුරු විපක්ෂයට ලැබිය යුතුය යන්න නියමයක් නොමැති බවත් පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ රාජ්‍ය ගිණුම්කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ ද ආණ්ඩුවේ ඇමැතිවරයකු වූ ලසන්ත අලගියවන්න බව ඔහු සඳහන් කර තිබෙනවා.