ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ඔය පරිසරවේදියෝ හිටියොත් කවදාවත් මේ රට දියුණු කරන්න වෙන්නෙ නෑ !

පරිසරවේදීන් තවදුරටත් සිටියහොත් මේ රට කිසිදාක දියුණු කිරීමට නොහැකි වනු ඇති බව සිංහරාජ වනාන්තරය ආශ්‍රිත ලංකාපුර ගම්මානයේ ගම්වාසීහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පැවසුහ.  ඒ, ප්‍රශ්නගත මාර්ග ඉදිකිරීම පිළිබඳ නිරීක්ෂණය කිරීම සඳහා ජනාධිපතිවරයා ඊයේ (29) එම ප්‍රදේශයට ගිය අවස්ථාවේදීය. 

“අපේ මේ පාර නෙලුවේ ඉඳන් දෙනියායට යාකරලා කාපට් එකක් දාලා ස’ අපේ ගමට බස් එකක් දාලා දෙන්න. මේක ඉක්මනින් කරලා දෙන්න කියලා අපි ඉල්ලනවා. 

ඔය පරිසරවේදීන් කියන්නෙ තනිකර බොරු ! මේ පරිසරයට කිසි හානියක් වෙන්නෙ නෑ ස’. මේ පරිසරය රැක්කෙ අපි. මේ කැලේ රැක්කෙ අපි. මේ ගමේ මිනිස්සු අතු කෑල්ලක්වත් නිකම් කඩපු මිනිස්සු නෙවෙයි. ඒක හින්දා මේගොල්ලොන්ට සාධාරණේ ඉෂ්ට කරලා දෙන්න ස’. 

ඔය පරිසරවේදියෝ හිටියොත් මේ රටේ කවදාවත් මේ රට දියුණු කරන්න හම්බුවෙන්නෙ නෑ. විනාශ කරනවා මේ රට” යනුවෙනුයි ඔවුන්ගේ නියෝජිතයකු ජනාධිපතිවරයා වෙත ප්‍රකාශ කළේ. 

මීට ටික දිනකට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයකු වන ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ මහතා පරිසරවේදීන්ව ත්‍රස්තවාදීන් වශයෙන් ද හඳුන්වා දී තිබීම විශේෂත්වයකි. 

(LNW)