ColomboXnews

News | Gossip | Political | Entertainment

ForeignSlidervariety

අපිට ගෙදර කන්න තිබුණෙ නෑ. කුසගින්න නිවාගන්න වේලසනින් නිදාගත්තා. කුසගින්නෙන් මියගිය පස් හැවිරිදි දැරියගේ සංවේදී කතාව

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පස් හැවිරිදි දැරියක් සාගින්නෙන් මියගොස් තිබේ. ඇගේ පවුලේ අය පවසන්නේ පසුගිය සතියක කාලය තුළ ඔවුන්ට ආහාර නොතිබුණු බවයි. කෙසේ වෙතත්, මරණය සිදු වූ අග්‍රා දිස්ත්‍රික්කයේ පරිපාලනය මරණය සහ පවුලේ දරිද්‍රතාවය පිළිගෙන ඇතත්, ඔවුන්  දරුවා මිය ගියේ අසනීපයෙන් මිස කුසගින්නෙන් නොවන බව ඔවුන් පැවසුවේය.

දැරිය සිය පවුලේ අය සමඟ අග්‍රාහි නාග්ලා විදිචන්ඩ් ගම්මානයේ පදිංචිව සිට ඇත. වාර්තාවලට අනුව ඇගේ පවුලේ අය මාසයක් පමණ රැකියාවක් නොමැතිව සිට තිබේ. අසනීපයක් නිසා එම පවුලේ පියා වැඩ කරගත නොහැකි තත්ත්වයට පත්ව සිටියේය.

“නිවසේ කෑමට කිසිවක් තිබුණේ නැහැ. අපි අපේ අසල්වැසියන්ගෙන් උදව් ඉල්ලා සිටියා. නැත්නම් කුසගින්න නිවා ගැනීම සඳහා වේලාසනින් නිදා ගත්තා”යයි දැරියගේ සොයුරිය මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත. මරණය පිළිබඳ ප්‍රවෘත්තිය ප්‍රචාරය වීමත් සමග ජාතික මානව හිමිකම් කොමිසම උත්තර් ප්‍රදේශ් රජයට නොතීසියක් නිකුත් කරමින් සති හතරක් ඇතුළත සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ප්‍රධාන ලේකම්වරයාගෙන් ඉල්ලා සිටියේය.
“පස් හැවිරිදි අහිංසක දැරියක සාගින්නෙන් හා අසනීප තත්ත්වයෙන් මියගොස් ඇති අතර මධ්‍යම හා ප්‍රාන්ත රජය විසින් පවත්වාගෙන යනු ලබන සමාජ සුභසාධන යෝජනා ක්‍රම ගණනාවක්ම පවතී” යැයි ඔවුන් සිය මූලික නිරීක්ෂණවල සඳහන් කරයි.