අතුරු සම්මත ගිණුම ඡන්ද විමසීමකින් තොරව සම්මත වෙයි
2020 ඉදිරි මාස හතර සඳහා වූ රු.ට්‍රිලියන 1.3 ක අතුරු සම්මත ගිණුම ඡන්ද විමසීමකින් තොරව සම්මත වෙයි ගිණුම ඒකමතිකව පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබේ. අද (28) පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වු අතර එහිදී සැප්තැම්බර් මස 01 වන දා සිට දෙසැම්බර් මාසය දක්වා කාලය සඳහා වු අතුරු සම්මත ගිණුම සම්බන්ධ දෙවන දින විවාදය සිදු කළේය. රුපියල් බිලියන 1300කට නොවැඩි මුදල් වියදම් දැරීමට අනුමැතිය ඉල්ලා රජය විසින් ඉදිරිපත් කර ඇති අතුරු සම්මත ගිණුම පිළිබඳ විවාදය ඊයේ (27) ආරම්භ වුණි. පූර්ණ යෝජනාවක් ලෙස ඉදිරිපත් වූ මෙම අතුරු සම්මත ගිණුම පිළිබඳව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 අනුව න්‍යාය පුස්තකය මගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම්දී තිබුණි. ඒ අනුව අදාළ අතුරු සම්මත ගිණුම අද (28) පාර්ලිමේන්තුවේ දී ඡන්ද විමසීමකින් තොරවම සම්මත වුණි.