කොග්ගල සංචාරක හෝටලයක සිටි තරුණයාට කොරෝනා
මාලදිවයිනේ සිට පැමිණ කොග්ගල සංචාරක හෝටලයක නිරෝධායන වෙමින් සිටි 23 හැවිරිදි තරුණයෙකු කෝවිඩ් -19 ආසාදිත බවට තහවුරු වීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ අයි ඩී එච් රෝහලට අද (25) යැවූ බව හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය පමෝද් සිරිවර්ධන මහතා සඳහන් කර සිටියා. මොහු මාලදිවයිනේ සිට ඉකුත් 23 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන බව ද වෛද්‍ය සිරිවර්ධන මහතා පැවසුවා.