ඥාණසාර හිමි මන්ත්‍රීධුරය ඉල්ලා අපේ ජන බල පක්ෂයේ මහ ලේකම්ගේ පන්සලට කඩාපැන භික්ෂූන්ට පහර දෙයි.
අපේ ජන බල පක්ෂයේ ලේකම්වරයා ලෙස තම පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රීධුරය තීරණය කිරීමේ බලය තමන් සතු බව එම පක්ෂයේ මහ ලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියෝ සඳහන් කරති..
තම පන්සලේ සිටි භික්ෂූන් වහන්සේලා කිහිප දෙනෙකුට ගලබොඩඅත්තේ ඥාණසාර හිමි ඇතුළු මැරයින් පිරිසක් පහර දී ඇති බවත් මේ දක්වා ඊට පොලීසිය ක්‍රියාත්මක වූයේ නැති බවත් උන්වහන්සේ කියති.
අද වන විට අරඹේපොල රතනසාර හිමි පක්ෂයේ සභාපති වරයා විසින් සිර අඩස්සියේ තබා ගෙන සිටින බව ද උන්වහන්සේ චෝදනා කරති. උන්වහන්සේ සඟවාගෙන ඤාණසාර හිමි සහ සභාපති වරයා විසින් දැඩිව පහර දී ඇති බව ද මහ ලේකම් හිමියෝ කියා සිටිති.
