ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

MCC ගිවිසුමට අනුමැතිය දුන්නේ නැහැ – නීතිපති

තමා විසින් MCC ගිවිසුමට අනුමැතිය දුන් බවට පළ වන මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බව නීතිපතිවරයා පවසයි. ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ, MCC ගිවිසුම පිළිබඳ ව තවමත් කරුණු හදාරමින් සිටින බවය.

නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය මේ බව සඳහන් කළාය.

2018 වසරේ දී නීතිපතිවරයා වෙනුවෙන් නිකුත් කළ ලිපියක් උපුටා දක්වමින් මෙම කරුණු මාධ්‍ය තුළ ප්‍රචාරය වු බව ද ඇය පැවසුවාය.

එම ලිපිය සම්බන්ධයෙන් වත්මන් නීතිපතිවරයාගේ මතය වන්නේ, “මෙම ගිවිසුමේ ව්‍යවස්ථානූකූලභාවය සම්බන්ධයෙන් කිසිදු දෙයක් ප්‍රකාශ වී නොමැති බවයි“ යනුවෙන් ඇය කියාසිටියාය.

ඒ අනුව දැනට පවතින තත්ත්වය අනුව නීතිපතිවරයා විසින් රජයේ අදාළ පාර්ශවකරුවන්ගේ නිරීක්ෂණ කැඳවා ඇතැයි ද නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළාය.