ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

රාජාගණයෙන් කෝවිඩ් ආසාධනය වූ පාසල් සිසුවෙකු හමුවෙයි

රාජාංගණය ප්‍රදේශයෙන් කෝවිඩ් -19 වෛරසය ආසාදනය වූ පාසල් සිසුවෙකු ඊයේ (12)දා සවස සොයාගත් බව රාජාංගණය ප්‍රදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී සන්ධ්‍යා අබේරත්න මහත්මිය පවසයි.

රාජාංගණය යාය 5 නවෝද්‍යා විදුහලේ 11 ශ්‍රේණියෙ ඉගෙනුම ලබන 16 හැවිරිදි සිසුවෙකුට රෝගය ආසාධනය වී ඇති අතර ඔහු එම ප්‍රදේශයේ පළමුවෙන්ම රෝගයට ගොදුරු වූ පුද්ගලයාගේ නිවස ඉදිරිපිට පදිංචිකරුවෙකි.

අහඹු ලෙස ප්‍රදේශය පුරා සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ 102ක් අතුරින් මෙම රෝගියා හදුනාගත් බවත් එහිදී 101 දෙනෙකු නිරෝගී පුද්ගලයන් බවට හදුනාගෙන ඇති බවත් ප්‍රදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය සදහන් කරයි. 

කෙසේ වෙතත් මෙම විදුහලේ දරුවන් නිරෝධානයනට ලක්කර ඇති බැවින් මේ වන විට විදුහල් වසා දමා ඇති බවත් රාජායංගණය කොට්ඨාසයේ වෙනත් විදුහල් වසා දැමීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නෙැමිත බවත් තඹුත්තේගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පී.කේ.ආර්.එම්.කේ බණ්ඩාර මහතා පැවසීය.