තවත් 5කට කොරෝනා
තවත් කොවිඩ් -19 ආසාදිතයින් 5දෙනෙක් ඊයේ(02) දිනය තුල වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසති. එම ආසාදිතයින් එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි අය බව වාර්තා වේ.
ඒ අනුව, මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 2822 දක්වා ඉහළ ගොස් ඇත.
අද දවසේ මෙ වන විට නව ආසාදිතයින් 6දෙනෙකු හඳුනාගෙන ඇත.
අද මීට පෙර වාර්තා වු ආසාදිතයා පසුගියදා කොවිඩ් – 19 බවට තහවුරු කරගත් ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයාගේ සමීපතමයෙක් බව හඳුනාගෙන ඇත.
එමෙන්ම අද (02) කොවිඩ්-19 වෛරසය ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 75 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගියේය.
ඒ අනුව කොවිඩ්-19 ආසාදනය වී සුවය ලැබු ගණන 2514 දක්වා ඉහළ ගොස් ඇත.