හම්බන්තොටදී නාමල්-චමල් ඇනකොටා ගනී..! පිරිසක් රෝහලේ තවත් පිරිසක් කූඩුවේ.
නාමල් රාජපක්ෂගේ සහ චමල් රාජපක්ෂගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුකරමින් සිටි ආධාරකරුවන් දෙපිරිස අතර ඊයේ (31) රාත්‍රියේ තිස්සමහාරාමයේදී ගැටුමක් හටගෙන තිබේ. මෙම ගැටුම හේතුවෙන් තුවාල ලැබූ පිරිසක් හම්බන්තොට රෝහලට ඇතුළත් කර ඇත.
පොහොට්ටුවේ මනාප පොරය මේ වනවිට රාජපක්ෂ පවුල තුලින්ද මතුවී ඇති අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ නාමල් රාජපක්ෂගේ ආධාරකරුවන් සහ ඔහුගේ මහප්පාවු චමල් රාජපක්ෂගේ ආධාරකරුවන් අතර දැඩි ප්‍රතිවිරෝධයක් මේ වනවිට පවතී.
මෙම ගැටුමින් දෙපාර්ශ්‍යවයේම පිරිසකට තුවාල සිදුවී ඇති අතර තවත් පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් පිරිස අද(01) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.