කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පැය 9ක ජල කප්පාදුවක්
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (25) පැය 9ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
අද රාත්‍රී 08.00 සිට හෙට පෙරවරු 05.00 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය.
ඒ අනුව කොළඹ 13, 14, 15 යන ප්‍රදේශවලට අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවන අතර කොළඹ 11 සහ 12 යන ප්‍රදේශවලට අඩු පීඩනය යටතේ ජලය සැපයීම සිදුවනු ඇත.
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.