අවශ්‍යව සිටි බන්ධනාගාර නිලධාරියා CIDයට භාරවෙයි
වැඩ තහනමකට ලක්ව සිටින මීගමුව බන්ධනාගාරයේ හිටපු ජේලර්වරයෙකු වන කාලිංග කළුඅග්ගල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (24) භාර වී තිබේ.
ඔහු ඇතුළු තවත් තිදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් පෙරේදා (22) වරෙන්තු නිකුත් කෙරුණි.
ඒ අනුව ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර වී ඇති අතර ඔහු හෙට (25) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ අතර තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ විසින් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් මේ වනවිට ඉදිරිපත් කර තිබේ.