මහින්ද-රනිල්-මෛත්‍රී නිතරම ගිය තිරුපති කෝවිලේ ප්‍රධාන පූජකවරයාත් කොරෝනාවලින් මරුට
මහින්ද, රනිල්, මෛත්‍රී යන මෙරට දේශපාලන නායකයින් නිතරම පුද පුජා පැවැත්වීම සදහා ගිය ඉන්දියාවේ සුප්‍රකට තිරුපති කෝවිලේ ප්‍රධාන පූජකවරයා වන ශ්‍රීනිවාසමූර්ති දික්ෂතූලු නව කොරෝනා වයිරසය ආසාදිනය වීමෙන් මරණයට පත්වුණා.
හෙතෙම මිය යනවිට 73 හැවිරිදි වියේ පසු වූ අතර දශක තුනකට වැඩි කාලයක් තිරුපති කෝවිලේ පූජකවරයකු ලෙස කටයුතු කර තිබෙනවා.
ඔහු පසුගිය වසරේදී කෝවිලේ වගකීම්වලින් නිදහස් කර ඇති අතර මිය යනවිට හෙතෙම කෝවිලේ කටයුතුවලට සම්බන්ධ වී නොසිටි බව තිරුපති කෝවිලේ භාරය වන ‘තිරුමාලා තිරුපති දේවස්ථානම්’ හි සභාපති වයි.වී. සුබ්බා රෙඩ්ඩි පවසනවා.
එම කෝවිලේ පූජකයන් 21 දෙනකු ඇතුළු කාර්යමණ්ඩලයේ 158 දෙනකුට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ද එම කෝවිල බාර මණ්ඩලය සඳහන් කරනවා.




