ColomboXnews

News | Gossip | Political | Entertainment

ForeignNewsSlider

කොරෝනා වෛරසයට ‘ඔක්ස්ෆර්ඩ් එන්නත‘ පළමු පියවරෙන් සාර්ථක ප්‍රතිඵල ගෙනඑයි.

ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය නිපදවන ලද කොරෝනාවෛරසයට එරෙහි එන්නත ආරක්ෂිත මෙන්ම වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා ප්‍රතිශක්තිකරණ පද්ධතිය පුහුණු කිරීමට සමත් බව වාර්තා වේ.

පුද්ගලයන් 1,077 දෙනෙකු සම්බන්ධ කර ගත් අත්හදා බැලීම්වලින් පෙනී ගොස් ඇත්තේ කොරෝනාවෛරසයට එරෙහිව සටන් කළ හැකි ප්‍රතිදේහ සහ සුදු රුධිරාණු මෙම එන්නත මගින් නිපදවන බවය.

මෙම සොයාගැනීම මත දැඩි බලාපොරොත්තු තැබිය හැකි නමුත්, වෛරසයට එරෙහි සම්පූර්ණ ආරක්ෂාව සැලසීමට තරම් එය ප්‍රමාණවත්ද යන්න දැන ගැනීමට තවම කල් වැඩිය. මේ අතර, විශාල පිරිසක් සහභාගී කරගෙන තවදුරටත් අත්හදා බැලීම් ක්‍රියාත්මක වෙමින් පවතී.

එක්සත් රාජධානිය දැනටමත් එන්නත මාත්‍රා මිලියන සියයක් ඇණවුම් කර ඇත.

කෙසේවෙතත්, එන්නත වෛරසයට එරෙහිව සම්පූර්ණයෙන් “ක්‍රියා කරයිද” යන්න සහ ආසාදනය වීම නැවැත්වීමට හෝ අවම වශයෙන් රෝග ලක්ෂණ අඩු කිරීමට හැකිද යන කරුණු දැනට තහවුරු කළ නොහැක.

ඒ සඳහා දැනට එක්සත් රාජධානියේ සිටින ප්‍රමාණයට වඩා වැඩි කොරෝනාවෛරස රෝගීන් පිරිසක් සිටින රටවල අත්හදා බැලීම් සිදුකිරීමට සිදුවනු ඇත.

කෙසේනමුත්, බලාපොරොත්තු තැබිය හැකි තවත් එන්නත් මාත්‍රා මිලියන අනූවක් සඳහා මේ වන විටත් එක්සත් රාජධානි රජය ගිවිසුම් අත්සන් කර තිබේ.

BioNtech සහ Pfizer මෙන්ම Valneva යන ඖෂධ සමාගම් අතර ඇතිකර ගත් සන්ධානයක් මගින් කොරෝනාවෛරසයට එරෙහි එම එන්නත් පිළිබඳව පර්යේෂණ සිදු කරනු ලැබේ.

Coronavirus

මෙම නව ගනුදෙනුව සිදුවන්නේ දැනට ඇනවුම් කර ඇති, ඔක්ස්ෆර්ඩ් සරසවියේ කෙරෙන පරීක්ෂණ අනුව AstraZeneca නම් ඖෂධ සමාගම නිපදවන එන්නතේ මාත්‍රා මිලියන සියයට අමතරවය.

කෙසේවෙතත්, කුමන පර්යේෂණාත්මක එන්නතට වෛරසයට එරෙහිව සම්පූර්ණයෙන් ක්‍රියා කළ හැකිද යන්න පිළිබඳ තවමත් අවිනිශ්චිතය.

උපුටා ගැනීම – BBC