ColomboXnews

News | Gossip | Political | Entertainment

LeadNewsSlider

කන්දකාඩුවල 196කට අදත් කොරෝනා – පුනරුත්ථාපනය අවසන් කර පිටතට යවන ලද රැඳවියන්ටත් පී.සී.ආර් පරීක්ෂණ

කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයන් තවත් කොරෝනා ආසාදිතයන් 196 දෙනෙකු හමුවී තිබෙනවා. ඒ අනුව ඊයේ එම මධ්‍යස්ථානයෙන් වාර්තාවූ ආසාදිතයන් 56 දෙනාත් සමග එහි හමුවී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 252ක්.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ කන්දකාඩු මධ්‍යස්ථානයේ රැඳවියන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ පී.සී.ආර් පරීක්ෂණ 338ක ප්‍රතිඵල මේ වන විට ලැබී ඇති බවයි.

තවදුරටත් පී.සී.ආර් පරීක්ෂණ සිදු කෙරෙමින් පවතින අතර ඒ අනුව කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයේ තවදුරටත් ආසාදිතයන් වාර්තාවීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියාසිටියේ.

එමෙන්ම අදාළ කාලය තුලදී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය කිරීමේ කන්දකාඩු මධ්‍යස්ථානයෙන් පුනරුත්ථාපනය අවසන් කර පිටතට යවන ලද රැඳවියන් සහ ආශ්‍රිතයන් ද හඳුනා ගනිමින් පී.සී.ආර් පරීක්ෂණ සහ නිරෝධායන කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කර ඇති අතර ඒ අනුව මෙම ස්ථානයෙන් සමාජයට කොරෝනා වෛරසය පැතිර යාම වැළැක්වීමට සියලු පියවර ගනිමින් සිටින බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ