ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

මහ බැංකුවේ අපි නිවැරදියි – ජනපති හරියට කරුණු දැනගෙන තිබුණේ නෑ – මහ බැංකුවේ ජේෂ්ඨ නියෝජ්‍ය අධිපති (VIDEO)

ජනාධිපතිවරයා තදින් කතා කරපු එකේ සාධාරණයක් තිබෙන මුත් ජනාධිපතිවරයා මහ බැංකුවට දැනුම් දී තිබුනු කටයුතු සම්බන්ධයෙන් සිදු වූ ප්‍රමාදය පිළිබඳව දැනුවත් කිරීමක් කර තිබුණු බව මහ බැංකුවේ ජේෂ්ඨ නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි.

එහෙත් ඒ පිළිබඳව කිසිදු අවබෝධයක් ජනාධිපතිවරයාට කවුරුත් ලබාදී නොතිබුණු බව ද ඔහු පෙන්වා දෙයි.

ආණ්ඩුව අසීරුතාවයට පත් කිරීම යන කරුණ වැරදි මතයක් බව පෙන්වා දෙන වීරසිංහ මහතා මුදල් මණ්ඩලයේ සිටිය යුතු සාමාජිකයින් පස්දෙනාගෙන් මේ වන විට සිටින්නේ තිදෙනකු වීම ද ඇතැම් තීන්දු ගැනීම වැළකීමට හේතුවූ බවද ප්‍රකාශ කරයි.