මහමඟ දී කාන්තාවකට හිරිහැර කළ යතුරුපැදිකරු 03 දක්වා රක්ෂිත බන්ධනාගාරයට
මාලඹේ, පන්සල පාර ප්රදේශයේ මහමඟ යමින් සිටි කාන්තාවකට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු අයුතු බලපෑම් කර බරපතල තුවාල සිදුකර පලා යන ආකාරය අසල තිබූ සී සී ටී වී කැමරාවක සටහන්ව තිබුණි.
සී. සී. ටී. වී. දර්ශන ඔස්සේ සිදුකළ පරීක්ෂණයකින් පසු සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
පසුව ඔහු ජුලි මස 03 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.