ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

මොරටුව, සොයිසාපුර හෝටලයකට වෙඩි ප්‍රහාර 12ක්

මොරටුව, සොයිසාපුර ප්‍රදේශයේ හෝටලයකට ඊයේ රාත්‍රීයේ වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

පොලීසිය පැවසුවේ, අදාළ ප්‍රහාරය එල්ල වී ඇත්තේ අද අලුයම 12 .30 ට පමණ බවයි.

හෝටලයට වෙඩි ප්‍රහාර 12 ක් එල්ල වී ඇතැයි සඳහන්.

මෝටර් රථයකින් පැමිණි පිරිසක් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මින් පෙර ද කිසියම් පිරිසක් විසින් මෙම හෝටලයේ වීදුරු බිඳ හානි සිදුකර තිබුණා.

පොලීසිය සැක කරන්නේ පෞද්ගලික ආරවුලක් මෙම ප්‍රහාරයට හේතු වන්නට ඇති බවයි.