රාජපක්ෂලා මහ මැතිවරණයට පෙරම වැඩට බසී..! CSN රූපවාහිනී නාලිකාව යළිත් යෝෂිත අතට !
CSN රූපවාහිනී නාලිකාව සදහා ලබා දී තිබූ විකාශන බලපත්‍රය 2016 වසරේ දී එවකට පැවති රජයේ ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අහෝසි කිරීමට එරෙහිව එම නාලිකාව විසින් ගොනු කල රිට් පෙත්සම අද (26) අභියාචනාධිකරණයේදී සමථයකට පත්කරගෙන ඇත. ඒ අනුව CSN රූපවාහිනී නාලිකාව නැවත වරක් අගමැති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ වෙත හිමිවනු ඇත.
ඒ එම නාලිකාවට ලබා දී තිබූ විකාශන බලපත්‍ර ය අවලංගු කරමින් 2016 වසරේ දී එවකට ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් වරයා විසින් නිකුත් කරන ලද ලිපිය ඉල්ලා අස් කර ගැනීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය අද අභියාචනාධිකරණයේ දී එකග වීම මතය.
ඒ අනුව 2016.10.23 දින වන විට එම නාලිකාව ලබා දී තිබූ සංඛ්‍යාත ඒ අයුරින්ම නැවත ලබා දීමට කඩිනමින් පියවර ගැනීමට විදුලි සංදේශ නියාමන කොමිසම ද අධිකරණයේදී එකඟතාවය පළකර ඇති බවත් වාර්තා වෙයි.

එම රිට් පෙත්සම මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේ දී මෙම සමථය ඇති විය.
කිසිදු සාධාරණ පරීක්ෂණයක් පැවැත්වීමෙන් තොරව සිය විකාශන බලපත්‍රය අහෝසි කිරීම නීතිවිරෝධී බව කියමින් සී.එස්.එන්.නාලිකාව මෙම රිට් පෙත්සම ගොනු කර තිබුණි. මෙහි වගඋත්තරකරුවන් වශයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශය , එම අමාත්‍යාංශ ලේකම්වරයා , විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව , එහි අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු පිරිසක් නම් කරනු ලැබ තිබිණි.
කිසිඳු පරීක්ෂණයක් නොපවත්වා සිය විකාශන බලපත්‍රය අහෝසි කිරීමට ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා ගත් තීරණය නීතියට පටහැනි බව පෙත්සම්කාර සී.එස්.එන් රූපවාහිනී ආයතනය සිය පෙත්සමින් පෙන්වා දි තිබිණි.එබැවින් විකාශන බලපත්‍රය අහෝසි කිරීමේ තීරණය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කාර ආයතනය අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබිණි.
එම රිට් පෙත්සම සලකා බැලූ මුල් අවස්ථාවේදීම අභියාචනාධිකරණය විසින් විකාශන බලපත්‍රය අවලංගු කර තිබෙන සී.එස්.එන් නාලිකවේ සංඛ්‍යාත සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන පවතින තත්ත්වයෙන්ම පවත්වා ගෙන යන ලෙසට ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝග කෙරිණි.