යාපනයේදී තරුණින් තිදෙනෙක් යුද හමුදා භටයින්ට පහරදී පලා යයි.
යාපනයේ උරුම්පිරායී ප්‍රදේශයේදී යුද හමුදා භට පිරිසකට පහර දුන් තරුණයින් තුන් දෙනෙකු යාපනයේ කෝපායී පොලීසිය මගින් ඊයේ (23) සවස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම පහර දීම සිදුව තිබුණේද 23 දා සවස් කාලයේයි.
යාපනයේ උරුම්පිරායි ප්‍රදේශයේ ආරක්ෂක කටයුතු වල නිරතව සිටි මෙම යුද හමුදා භටයින්ට ත්‍රීරෝද රථයකින් පැමිණි තුන් දෙනෙකු පහර දී පලා ගොස් තිබුණා.
මේ සම්බන්ධයෙන් යාපනයේ කෝපායී පොලීසියට තොරතුරු වාර්තාවීමෙන් පසුව පොලීසිය එම තරුණයින් යාපනයේ කෝපායී අනලතිව් හා සංගානෙයි යන පළාත් වල සැගව සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ප්‍රහාරය සදහා ඔවුන් පැමිණි ත්‍රී රෝද රථයද අත්අඩංගුවට ගත්තා.