ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

අද දවසේ හමුවුණ කොරෝනා රෝගීන් 29 දෙනාගේ විස්තර මෙන්න

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 29 දෙනෙකු අද දිනයේදී මේ දක්වා කාලය තුළ වාර්තා වී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1118 දක්වා ඉහළ ගියා.

ඔවුන්ගෙන් 28 දෙනෙකුම කුවේට් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ ත්‍රිකුණාමලය සහ මින්නේරිය යන නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක්වෙමින් සිටින අය බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අනෙක් පුද්ගලයා ඉන්දුනීසියාවේ සිට මෙරටට පැමිණි අයෙක්.