චීනයේ වුහාන් හි පාසල් යළි ඇරඹෙයි
කොරෝනා වෛරසයේ මූලාරම්භය වූ චීනයේ වුහාන් හි පාසල් යළි අද (06) ආරම්භ කර ඇත. පසුගිය ජනවාරියේ සිට මාස තුනකට වැඩි කාලයක් වුහාන් නගරය වසා දමා තිබූ අතර මේ වන විට එහි වෛරසය ව්‍යාප්තිය පාලනය වීම නිසා සාමාන්‍ය ජන ජීවිතය ක්‍රමානුකූලව ආරම්භ වෙමින් තිබේ.
එහි වැදගත්ම පියවරක් ලෙස පාසල් විවෘත කිරීමට හැකි වීම සම්බන්ධයෙන් වුහාන් බලධාරීන් සිය සතුට ප්‍රකාශ කර ඇත.
වුහාන් හි පාසල් විවෘත කිරීමත් සමඟ පළමු දවසේම දරුවන් 57,800 පමණ පාසල් වෙත පැමිණ ඇති බවයි විදෙස් වාර්තා පෙන්වාදෙන්නේ. පාසල් 212 ක් විවෘත කර තිබෙන අතර ඉන් 83ක් උසස් පාසැල් වන අතර 38ක් වෘත්තීය පාසල් වෙයි.
විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාගයට සූදානම් විය යුතු වන හෙයින් උසස් පාසල්වල ජ්‍යෙෂ්ඨ සිසුන් සමස්තයක් ලෙස නැවත කඩිනමින් පාසල පැමිණෙනු ඇති බවට විශ්වාසය පළකර තිබේ. එම විභාගය සෑම වසරකම ජූනි 7-8 යන දිනයන්හි පැවැත්වෙන අතර කොරෝන වසංගතය හේතුවෙන් එය ජූලි 7-8 දක්වා කල්දමා ඇත.