ColomboXnews

News | Gossip | Political | Entertainment

ForeignNewsSlider

ලොව පුරා 171,000ක් කොරෝනාවට බිලිවෙද්දී ඉන් 42,000ක් ඇමරිකානුවන්

Covid 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා ලොව පුරා 171000ක පමණ පිරිසක් මිය ගොස් තිබේ. ඉන් 42,000කට වැඩි පිරිසක් ඇමරිකානුවන් වීම තුළ කොරෝනා වසංගතය ඇමරිකාවට සිදුකර තිබෙන බරපතල බලපෑම කිසිවිටෙකත් ඇමරිකානුවන් බලාපොරොත්තු නොවන්නට ඇත. 

මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇස්තමේන්තුද අභිබවමින් කොරෝනා වෛරසය ලොව රටවල් හා ස්වයං පාලන ප්‍රදේශ 210ක ව්‍යාප්ත වී හමාරය. 

ඒ අනුව ලොව පුරා ආසාදිතයින් මිලියන 2.5 ආසන්නයට පැමිණ තිබේ. 

කොරෝනා වෛරසයේ තිඹිරි ගෙය වූ චීනය ද පසෙකට තල්ලු කරමින් ඇමරිකාව හා යුරෝපයේ රටවල් ඊට ඉතා වේගයෙන් ගොදුරු වෙමින් සිටියි. 

මේ වන විට ඇමරිකානු ජනාධිපති  ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සංක්‍රමණිකයන් රට තුළට ඇතුල් වීමද වළක්වා තිබේ. 

එමෙන්ම ගෙවුණු වසර 70ක කාලය තුළ නිව් යෝර්ක් නගරයේ බන්ධනාගාර තුළ රැඳවියන් 4000න්  පහළට වැටී  ඇති බවද එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. 

ඇමරිකාව තුළ වෛරසය ආසාදනය වූවන් 792,000 ඉක්මවා ඇති අතර ගත වූ පැය 24 තුළ ආසාදිතයින් 28,123ක් වාර්තා වී තිබේ.