ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

වැලිකඩ ගෙනා රන්ජන් මීගමු‌වේ විශෝධන මධ්‍යස්ථානයට ගෙන යයි

අද (14) පස්වරුවේ කොළඹ මැගසින් බන්ධනාගාරය වෙත රැගෙන ආ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක, බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයත් මීගමුව, පල්ලන්සේන විශෝධන මධ්‍යස්ථානය වෙත යොමු කර තිබෙනවා.

කොරෝනා වෛසරයේ ව්‍යාප්තිය හේතුවෙන් කොළඹ රක්ෂිත බන්ධනාගාර ගත කෙරෙන රැඳවියන්, බන්ධනාගාර තුළට නොගෙන මීගමුව, පල්ලන්සේන විශෝධන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

එම රැඳවියන් එහිදී නිරෝධායනයට යොමු කෙරෙන අතර අද රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක ද එම නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර තිබෙනවා