ColomboXnews

News | Gossip | Political | Entertainment

FacebookNewsSlider

සමාජ මාධ්‍ය ඔස්සේ බොරු ප්‍රචාර කලැයි අත්අඩංගුවට ගත් වාද්දුවේ කාන්තාව අප්‍රේල් 9 දක්වා රිමාන්ඩ්.

සමාජ ජාලා ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ කාන්තාවක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. කොවිඩ් 19 කොරෝනා වෛරසය පැතිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ඇය මෙලෙස අසත්‍ය ප්‍රචාරය කර තිබේ.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ විමර්ශනයක් අනුව ඊයේ(05) දින වාද්දුව ප්‍රදේශයේ දී මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාරිය ඊයේ දිනම කොළඹ  ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප්‍රේල් 9 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

එමෙන්ම අන්තර් ජාලය භාවිතා කරමින් විවිධ අසත්‍ය ප්‍රචාර පතුරුවන හා ඒවා අනෙකුත් අය අතර හුවමාරු කරන අය ද අත්අඩංගුවට ගන්නා බව පොලීසිය පවසයි.