දිස්ත්‍රික්ක 19කට ලිහිල් වු ඇඳිරි නීතිය යළිත්
කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තියේ අධි අවදානම් කලාප ලෙස නම් කර ඇති දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක 19ට තාවකාලිකව ලිහිල් කර තිබු ඇඳිරි නීතිය අද පස්වරු 02.00ට යළි ක්‍රියාත්මක කෙරිණි.
අධි අවදානම් කලාප ලෙස නම් කර ඇති දිස්ත්‍රික්කවන කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යලි දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි.
සෙසු දිස්ත්‍රික්කවලට අද උදෑසන 06.00ට තාවකාලිකව ඇඳිරිනීතිය ඉවත් කෙරුණු අතර යලි පස්වරු 02.00 සිට ඇඳිරි නීතිය පනවනු ලැබීය.
එම දිස්ත්‍රික්කවලට ඇඳිරි නීතිය යලි ලිහිල් කරන දිනය පසුව දැනුම් දෙන බව රජය පවසයි.