අකුරැස්සේ නිරෝධායනය අවසන් කර පැමිණි පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වෙයි
මාතර ප්‍රදේශයෙන් අද(05) දිනයේ හදුනාගැනුණු කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයා නිරෝධායනය අවසන් කර පැමිණි පුද්ගලයෙකුට බවට තොරතුරු අනාවරණය වී තිබේ. 42 හැවිරිදි තිදරු පියෙකු වන අකුරැස්ස, මලිදූව, කොහුගොඩ ප්‍රදේයේ පදිංචි පුද්ගලයෙකුට මෙලෙස වෛරසය ආසාදනය වි ඇති බවට අනාවරණය වී ඇති බවයි ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කළේය.
දකුණු කොරියාවේ සිට පැමිණි මෙම පුද්ගලයා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන කාලසීමාව අවසන් කිරීමෙන් අනතුරුව පසුගිය මස 24 වනදා සිය නිවසට පැමිණ තිබුණි.
කෙසේවෙතත් නිරෝධායන මධ්‍යස්ථානයේදී ඔහු සමඟ සිටි පුද්ගලයෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් මෙම පුද්ගලයා වෛද්‍ය පරීක්ෂණයක් සදහා යොමු කර තිබේ.
එහිදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව මලිදූව ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක බී.එම්.එච්.ඩබ්ලිව්.එම්. සරත්චන්ද්‍ර මහතා සඳහන් කළේය.
මෙම පුද්ගලයා නිරෝධායන කටයුතු අවසන් කර පැමිණිය ද ස්වයං නිරෝධායනයට ලක් නොවී ප්‍රදේශය පුරා සැරිසරා ඇති බව ප්‍රදේශවාසීන් සඳහන් කරයි.