ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ලංකාවේ තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වෙයි. ආසාදිතයින් සංඛ්‍යාව 151 දක්වා ඉහළට

තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙක් හඳුනා ගැනීමත් සමඟ මෙරටින් හඳුනා ගත් නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 151 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

අද (02) පස්වරුවේ වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ අද දිනය තුළ තවත් ආසාදිතයින් දෙදෙනෙකු තහවුරු වී ඇති බවයි.

මෙම රෝගීන් දෙදෙනාම ඊයේ දිනයේ මිය ගිය කොරෝනා ආසාදිතයා ලඟින් ඇසුර කළ පුද්ගලයින් බව අනාවරණය වී ඇත.
‍
ඒ අනුව මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සංඛ්‍යාව 126 ක් වන අතර , සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගිය සංඛ්‍යාව 21ක් වේ.

එමෙන්ම වෛරසය ආසාදනය වීමෙන් මෙ වන විට තිදෙනෙකු මිය ගොස් ඇත.