විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් 700 ක් යළි දිවයිනට පැමිණීමට ඉල්ලයි
විදේශ සබදතා අමාත්‍යාශය හඳුන්වා දුන් ”කන්ටැක්ට් ශ්‍රී ලංකා” අන්තර්ජාල සබඳතාව ඔස්සේ විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් 17000කට වැඩි පිරිසක් ලියාපදිංචි වී තිබේ.
ඊයේ(28) දහවල් වන විට පුද්ගලයින් 17,457 දෙනෙකු ලියාපදිංචි වී ඇති අතර ඔවුන්ගෙන් 6,773 දෙනෙකු මැදපෙරදිග කාලපයේ පුද්ගලයින් බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.
අසි.සී.ටි.ඒ.ආයතනය සමඟ එක්ව පසුගිය 26 වැනිදා විදේශ අමාත්‍යාංශය මඟින් ලියාපදිංචිය සඳහා WWW.CONTACTSRILANKA.MFA.GOV.LK වෙබ් අඩවිය හඳුන්වා දී තිබුණි.
එම වෙබ් අඩවිය ඔස්සේ ලියාපදංචි වූ පුද්ගලයන් 700 දෙනෙකු යළි මෙරටට පැමිණීම සඳහා ඉල්ලුම් කර තිබේ.
එහෙත් රජයේ තීරණය වන්නේ වෛරසය පාලනය කරන තුරු විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් එම රටවලට ආරක්ෂිතව රැදී සිටිය යුතු බවයි.
එම පිරිස්වලට අවශ්‍ය පහසුකම් තානාපති සහ මහකොමසාරිස් කාර්යාල හරහා ලබාදීමට රජය සැලසුම් කර තිබේ.