ෆේස්බුක් සාදයක් වටලා ගංජා, මත්පෙති සමඟ තරුණ තරුණියන් 77ක් අත්අඩංගුවට ගනී
පන්නිපිටිය, දෙපානම ප්‍රදේශයේ එළිමහන් ස්ථානයක පැවැත්වු ෆේස්බුක් සාදයක් වටලා මත්ද්‍රව්‍ය සමග කාන්තාවන් 17 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 77 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මහරගම පොලීසියට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමක දි මෙම පිරිස අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබි ගංජා , මත් පෙති ඇතුළු මත් ද්‍රව්‍ය සොයාගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් මහරගම , පාදුක්ක, ගල්කිස්ස, පිළියන්දල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව වාර්තා වෙයි.
සැකකරුවන් අද(09) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.