ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ලංකාව ඇතුළු රටවල් 14ක පුද්ගලයින්ට කටාර් රාජ්‍යයේ දොර වැසේ.

කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ශ්‍රි ලංකාව ඇතුළු රටවල් 14ක පුද්ගලයින්ට කටාර් රාජ්‍යට ඇතුලුවීම තාවකාලිව අත්හිටුවා තිබේ. ශ්‍රි ලංකාවට අමතරව බංග්ලාදේශය, චීනය, ඊජිප්තුව , ඉන්දියාව , ඉරානය , ඉරාකය, ලෙබනන්, නේපාලය ,පාකිස්ථානය, පිලිපීනය, දකුණු කොරියාව , සිරියාව සහ තායිලන්තය යන රටවල පුද්ගලයින්ට ද අදාළ තහනම පනවා තිබේ.

කටාර් රාජ්‍යයේ සන්නිවේදන කාර්යාලය ඊයේ(08) දිනයේ සඳහන් කළේ අද(09) දින සිට මෙම තහනම ක්‍රියාත්මක බවයි. කොරොනා වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීමේ පියවරක් ලෙස කටාර් රාජ්‍ය මෙම පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.

මේ අතර අත්‍යවශ්‍ය ගමනක් හැර සියලු ගමන් බිමන් වලින් වළකින ලෙස ද කටාර් රාජ්‍ය එරට ජනතාවට දැනුම් දි තිබේ.