මැතිසබේ විසුරුවාහැරීමත් සමඟ එජාපය සහ පොහොට්ටුව දැඩි දේශපාලන අර්බුදයක
වත්මන් පාර්ලිමේන්තුන විසුරුවාහැරීමේ ගැසට් නිවේදනය නිකුත් වීමත් සමඟම ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙම දැඩි අර්බුදයකට මුහුණ දී ඇතැයි වාර්තා වේ. ඒ මහ මැතිවරණයට තරග කිරීම සඳහා අපේක්ෂකයන් තෝරා ගැනීම හේතුවෙනි. එක් එක් දිස්ත්‍රික්කවලින් මැතිවරණයට ඉදිරිපත්වීම සඳහා දැනට පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන්ට අමතරව තවත් බොහෝ දෙනකු අපේක්ෂකත්වය බලාපොරොත්තු වීමත් මෙම ප්‍රධාන පක්ෂ කිහිපයේම අභ්‍යන්තරයේ පවතින ගැටුම් හා අර්බුදද මෙම තත්වයට හේතුවී තිබේ.
මෙම අර්බුදය වඩාත් උත්සන්න වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය බව වාර්තා වේ. පක්ෂ හා සංවිධාන ගණනාවක් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය යටතේ පොහොට්ටුව ලකුණින් මැතිවරණයට ඉදිරිපත් වීමට සිටියද සංධානය අභ්‍යන්තරයේ පුද්ගල ගැටුම් නිසා තත්වය තවත් දරුණුවී තිබේ.
මෙම තත්ත්වය නිසා ශ්‍රීලංකා පොදුජන පෙරමුණෙන් නාමයෝජනා ලැබෙනු ඇතැයි දැනට මාධ්‍ය තුළ නම් සඳහන්ව ඇති කිහිපදෙනකුටම නාමයෝජනා නොලැබෙනු ඇතැයිද දැනගන්නට තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගොඩනගන අවස්ථාවේ දිස්ත්‍රික්කවල සිටි ප්‍රධාන චරිත රැසකට නාම යෝජනා නොලැබීමේ තත්ත්වයක් උද්ගත වීමත් සමග මෙම අර්බුදය දුර දිග ගොස් ඇතැයි වාර්තා වේ.
මීට අමතරව එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ගොඩනැගෙන සන්ධානයෙන්ද නාම යෝජනා අපේක්ෂාවෙන් සිටින රනිල් පාර්ශ්වයේ හා සජිත් පාර්ශ්වයේ අතර මතභේදාත්මක ගැටුම් ඇති වී තිබෙන බව වාර්තා වේ. මෙම පිල් දෙකම වෙන වෙනම නාමයෝජනා සතස් කරමින් සිටින අතර දෙපාර්ශ්‍යවය අතර මේ වනවිටත් ඡන්ද ලකුණ සම්බන්දයෙන් එකගතාවයක් ඇති කරගෙන නොමැත.
ප්‍රධාන පක්ෂ දෙකේම මේ වන විට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් දිස්ත්‍රික්ක පදනමින් සැලකිය යුතු ප්‍රමාණයක් සිටින අතර ඔවුන්ට අනිවාර්යයෙන්ම නාම යෝජනා ලබා දිය යුතු වේ. ඊට අමතරව දෙපාර්ශ්වයෙන්ම පිල් මාරු කළ මන්ත්‍රීවරුන්ටද අපේක්ෂකත්වය ලබාදීමත් සමග අලුතින් අපේක්ෂකත්වය පුරප්පාඩු ඇත්තේ සීමිත සංඛ්‍යාවක් නිසා මෙම ගැටලුවට මුහුණ පා ඇත.