ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් අවුරුදු 04න් විශ්‍රාම වැටුප ඉල්ලයි..!

පාර්ලිමේන්තු මන්තී‍්‍වරයකුට විශ‍්‍මික වැටුප් හිමිකම් ලැබීමේ සේවා කාලය වසර පහක් විය යුතු වුවද එය වසර හතර දක්වා අඩු කරන ලෙස මන්තී‍්‍වරුන් රැසක් කථානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලා ඇත.

පාර්ලිමේන්තුවේ නිල කාලය වසර හයේ සිට පහ දක්වා අඩුවීම හේතුවෙන් විශ‍්‍ම වැටුප හිමි විය යුතු කාලය ද වසර පහේ සිට වසර හතර දක්වා අඩු විය යුතු බවට මන්ත‍්‍රීවරුන්ගේ යෝජනාව වී තිබේ.

කෙසේ වෙතත් ඊට මෙතෙක් අනුමැතියක් ලැබී නැතැයි ද එහෙත් එම යෝජනාව ඉදිරියේදී ගෙන ඒමට දැනට යෝජනා වී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග කියා සිටියි.

මේ අතර වත්මන් පාර්ලිමේන්තුව මාර්තු 02 දා විසුරුවා හැරියහොත් මන්තී‍්‍වරු 62 දෙනෙකුට විශ‍්‍ම වැටුප අහිමි වේ.

ඒ අතරින් එක්සත් ජාතික පක්ෂයේ මන්තී‍්‍රවරු 35 ක්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ 20ක්, ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ 06ක් සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත‍්‍රීවරයකු ද සිටින බව පාර්ලිමේන්තු ප‍්‍කාශකයකු පැවසීය.

මීට අමතරව පසුගියදා ඉල්ලා අස්වූ ජනාධිපති නීතිඥ ජයම්පති වික‍්‍මරත්න මහතාට ද විශ‍්‍ම වැටුප අහිමි වේ.

පාර්ලිමේන්තු මන්තී‍්‍යකුට විශ‍්‍ම වැටුප වශයෙන් හිමිවනුයේ සිය වැටුප මෙන් තුනෙන් එකක ප‍්‍මාණයකි. ඒ අනුව වත්මන් මන්තී‍්‍වරයකුගේ දීමනා හැර වැටුප වනුයේ රුපියල් 54000 ක මුදලකි. ඊට අමතරව වත්මන් කථානායක කරු ජයසූරිය මහතාගේ මැදිහත්වීමෙන් විශ‍්‍මික මන්තී‍්‍ දීමනාව ලෙස රුපියල් 25000 ක්ද ලබා දෙනු ලැබේ.

ඒ අනුව වැටුපෙන් තුනෙන් එකක් වන රුපියල් 18000 ක් සහ 25000 ක් එකතුව රුපියල් 43000ක මුදලක් විශ‍්‍ම වැටුප ලෙස මන්තී‍්‍වරයකුට හිමිවනු ඇත.

ඒ අනුව නියමිත කාලයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මන්තී‍්‍වරු 62 ක් සඳහා මාසිකව රුපියල් විසිහය ලක්ෂ හැටහය දහසක මුදලක් ඉතිරි කර ගැනීමට රජයට හැකිවනු ඇත.

පාර්ලිමේන්තු සේවා කාලය වසර 15 ක් සපුරනු ලබන විශ‍්‍මික මන්තී‍්‍වරයකුට ඔහු ලැබූ දීමනා හැර වැටුප පූර්ණ වශයෙන් හිමි වේ.