අවුරුදු 6ක දැරිය ලිංගික අපයෝජනය කළ මැණික් ව්‍යාපාරිකයා තවමත් නිදැල්ලේ..! අත්අඩංගුවට නොගන්නේ දේශපාලන බලය නිසාද?
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු විසින් වයස අවුරුදු 6ක දැරියක ලිංගික අපයෝජනයට ලක්කළ බවට ප්‍රචාරය වූ වීඩියෝවට මසක් ගත වනතුරුත් කිසිදු නීතිමය පියවරක් නොගන්නේ සැකකරුගේ මූල්‍ය හා දේශපාලන බලය නිසාදැයි සමාජ මාධ්‍ය මේ වනවිට ප්‍රශ්ණ කරයි. මෙම අපයෝජනය පිළිබඳ පාර්ශ්ව කිහිපයක් ජනාධිපතිට, අගමැතිට, පොලිස්පතිට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට, ජාතික ළමාරක්ෂක අධිකාරියට හා එක්සත් ජාතීන්ගේ සංවිධානයට වීඩියෝ පටය හා පැමිණිලි ඉදිරිපත් කර ඇති අතර මසකට වැඩි කලක් ගත වනතුරුත් කිසිදු පියවරක් නොගත්තේ සිද්ධිය යට ගැසීමේ උත්සාහයක් නිසා දැයි මේ වනවිට සැක මතුව ඇත.
පොදුජන පෙරමුණට සම්බන්දව පසුගිය කාලයේ මෙම ව්‍යාපාරිකයා කටයුතු කල අතර ජනා“ධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් විශාල මැදිහත්වීමක් සිදු කරන ලදි. පොහොට්ටුවේ සමාජජාල ක්‍රියාකාරීන් සදහා සංවිධානය කල සාදයටද සියලු වියදම් දරණ ලද්දේ මෙම මැණික් ව්‍යාපාරිකයායි.
මෙම සිද්ධියට සැක කෙරෙන ව්‍යාපාරිකයා මැණික්වලට ප්‍රසිද්ධ බවට හඳුන්වාගෙන සමාජ සේවා කටයුතුවලට පරිත්‍යාග කරමින් ෆේස්බුක් හරහාද ප්‍රකට වූවෙකි. පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක සම්බන්ධ හඬපටයක සඳහනකින්ද පසුගිය කාලයේ ඔහු පිළිබඳ මහත් ආන්දෝලනයක් ඇති විය.
මේ අතර ව්‍යාපාරිකයකු කුඩා දැරියක් අපයෝජනය කිරීමට අදාළ වීඩියෝ පටය සම්බන්ධයෙන් අන්තර්ජාලා ආවේක්ෂණ ඒකකයක් මඟින් පරීක්ෂණයක් මේ වනවිට අරඹා ඇතැයි ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහචාර්ය මුදිත විදානපතිරණ මහතා පැවැසීය.
අදාළ සිද්ධියට සම්බන්ධ වීඩියෝපටය ගැන විවිධ සමාජ ක්‍රියාකාරි සංවිධාන අධිකාරියට පැමිණිලි කර ඇති අතර, ලද දත්ත තමා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් ජාතික ළමාරක්ෂක අධිකාරියේ පොලිසියටත් භාරදුන් බව සභාපතිවරයා කිය.
එම සයිබර් ඒකකය ක්‍රියාත්මක කිරීමට විශේෂඥයන් තිදෙනෙක් අධිකාරිය තුළ සිටින බවත් කළ පරීක්ෂණ හරහා කිහිපදෙනෙක් හඳුනාගෙන ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.
ඔහු පැවැසුවේ අතුරුදන් වූ පුද්ගලයකුගේ මෙන් අපයෝජනයට ලක් වූ දැරියකගේ ඡායාරූප මාධ්‍යවල පළ කළ නොහැකි බැවින් එකී තොරතුරු සුරක්ෂිත කරන අතර ස්වාධීන පරීක්ෂණයක් මඟින් මෙම සිද්ධිය විභාග කිරීමට සූදානම් බවය.