උදයංග වීරතුංග 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරයි.
අද (14) උදෑසන මෙරටට පැමිණීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත් රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කරන ලදී. කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (14) සවස මෙම නියෝග කළේය.
උදයංග වීරතුංග මහතා රුසියානු තානාපතිව සිටි සමයේ ඔහුගේ මැදිහත් වීම මත සිදුව තිබෙන මිග් යානා ගණුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබුණු අතර ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර වරෙන්තුද නිකුත් කර තිබුණි.
එහෙත් ඔහුව අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ නමුත් ඔහු පැමිණ තිබුණේ ඕමානයේ මස්කට් නුවර සිටය.