ColomboXnews

News | Gossip | Political | Entertainment

LeadNewsSlider

breaking news – මහින්දගේ පාලන සමයේ ‌‌කෝටි ගණන් අල්ලස්ගත් ශ්‍රීලංකන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී සහ බිරිඳ CIDයට බාර වෙයි

මහින්දගේ පාලන සමයේ ‌‌ ශ‍්‍රී ලංකන් ගුවන් සේවය සඳහා ගුවන් යානා 10 ක් මිලදීගැනීමේදී ඇමරිකානු ඩොලර් ලක්ෂ 20ක අල්ලස්ගැනීම හේතුවෙන් අධිකරණයෙන් වරෙන්තු ලබා සිටි ශ්‍රීලංකන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රෙස්න මහතා සහ ඔහුගේ බිරිඳ මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර වී තිබේ. අද(06) උදෑසන ඔවුන් නීතිඥයින් මාර්ගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

මහින්ද රාජපක්ෂ පාලන සමයේ ශ්‍රීලක්කන් ගුවන් සමාගමට ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවකදී අල්ලස් මුදලක් ලබාගත් බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබුණි.

අප වාර්තාකරු පැවසුවේ කපිල චන්ද්‍රසේන මහතාගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට ප්‍රකාශ සටහන් කරමින් සිටින බවයි. 

ඔවුන් අත්අඩංගුවට ගෙන අද දිනයේ දී කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.