සිරිසේන පොලොන්නරුවේ සංවර්ධනයට කියා බිලියන 25.293ක් යටිමඩි ගහලා..? පොහොට්ටුවේ මන්ත්‍රීවරු පරීක්ෂණයක් ඉල්ලයි.
හිටපු ජනාධිපති සිරිසේන මහතා ජනාධිපතිවරයා වශයෙන් සිටි වසර 5ක කාලය තුළ සිය දිස්ත්‍රික්කය වූ පොලොන්නරුවේ සංවර්ධන කටයුතු සදහා යැයි කියමින් රුපියල් බිලියන 25.293ක අති දැවැන්ත මුදල් කන්දරාවක් භාන්ඩාගාරයෙන් වෙන්කර ඇති බව මේ වනවිට තහවුරු වී තිබෙනවා.
මෙවැනි අති දැවැන්ත මුදලක් වෙන් කරෙගෙන එම මුදල්වවලින් පොලොන්නරුවේ විවිධ ව්‍යාපෘති සිදු කර ඇති බව පැවසුවද එවැනි සංවර්ධනයක් දිස්ත්‍රික්කය තුල සිදුවී නොමැතිබව පොහොට්ටු පක්ෂයේ ප්‍රාද්ශිය දේශපාලනඥයින් පෙන්වා දෙයි.
සත්‍ය වශයෙන්ම එවැනි මුදලක් පොලොන්නරුවේ සංවර්ධන කටයුතු සදහා වියදම් කළාද, එසේත් නැතිනම් දැවැන්ත මූල්‍ය අක්‍රමිකතාවක් සිදුවූවාද යන්න සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කළ යුතු බවට පොලොන්නරුවේ පොහොට්ටු පක්ෂයේ මැතිඇමැතිවරුන් ආණ්ඩුවට පැමිණිලි කොට ඇති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට බලධාරීන් සූදානමින් සිටින බව වාර්තා වනවා