ColomboXnews

News | Gossip | Political | Entertainment

MythNewsSlider

මිත්‍යාව වැපිරූ දීගොඩ කුමාරට වැඩ වරදී..! 31 වැනිදා දක්වා රිමාන්ඩ්.

විශ්ව ශක්තියෙන් රෝගීන් සුවපත් කරන බව පවසමින් රටවටා වැඩසටහන් පැවැත්වූ දීගොඩ කුමාර නමැත්තා ජනවාරි 31 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ කැස්බෑව මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා ලබාදුන් නියෝගයක් මතයි.

පිළියන්දල ප්‍රදේශයේදී පැවැත්වූ රෝග සුව කිරීමේ වැඩසටහනකදී ලබාදුන් ආහාර හේතුවෙන් පාසල් දරුවෙකු රෝගී වීමේ සිදුවීමක් සම්බන්ධයෙන් දීගොඩ කුමාර අත්අඩංගුවට ගන්නා ලෙස කැස්බෑව මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබිණි. එකී නියෝගයට අනුව දීගොඩ කුමාර නීතිඥයෙකු මාර්ගයෙන් අධිකරණය වෙත භාර වී තිබිණි.

අදාල පාසල් සිසුවාට පාන්පිටිවලින් තැනූ ආහාර හානිදායක බව වෛද්‍යවරුන් විසින් නිර්දේශ කර තිබියදී දීගොඩ කුමාර විසින් පාන්පිටවලින් සෑදූ ආහාර ලබා දී තිබේ. එම සිසුවා රෝගී වීම හේතුවෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබිණි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පිළියන්දල පොලීසිය පරීක්ෂණ පවත්වයි.